උල ලේනෝ

මිනිස් ජීවිතය කොතරම් අපූරුද? ජීවිතය ජීවිත් කරවන මිනිස් සිත කොතරම් විශ්මය ජනකද? නුබ කවදා හෝ මේ පිලිබදව සිතා ඇත්ද? ජය, පරාජය උරුමයක් කොට ගත් අට ලෝ දහම තුල ජීවිතය ගෙවා දමන අප කොතරම් මානුශීයද?
හැගීම් සිතුවිලි කොතරම් සංකේතයන් ලෙස අප ඉදිරිපත් කරනවාද?
උල ලේනෝ - විශාරද ගුණදාස කපුගේ ශූරීන්ගේ කටහඩින් සංගීතවත් වූ අසමසම ගීයක්. අවිනිශ්චිත  මිනිස් ජීවිතය මෙන්ම - විචලයන් ට හසුව කල කිරිණු මිනිස් සිතක් ගැන ලියවුන පදමාලාවක් නැති තරම්.
මිනිසුන් පිලිකුල් කරන - හඩ ඇසීමට පවා බියවන උලමා ත් සමග මිසූ උන ගීයක් කොතරම් බිහිසුනද? ජීවිතය , පරාද වන මිනිසෙකුගේ - සියල්ල අහිමි වන මිනිසෙකුගේ සිතුවිලි කුමන අයුරුද ?
"පාලුව දෙවනත් කරලා - නාඩන් උල ලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇති වෙනවා
උල ලේනෝ"

සියල්ල අහිමි උන මිනිසෙක්. රැකියාව අහිමි උන මිනිසෙක්, ව්‍යාපාර සියල්ල බුන්මත් වූ ව්‍යාපාරික යෙක් , අස්වැන්න අහිමි වූ ගොවියෙක් හෝ සමීපතමයන් සියල්ලන්ම ඈත් වූ තැනැත්තෙක්. පාලුවෙන් තම සිතුවිලි වල අතරමන් ව නින්දත් නොනින්දත් අතර දෝලනය වෙනවා. නිදාගන්න බයයි, තම හිත හඩා වැලපෙනවා. ඇහැරගෙන ඉන්න බෑ. ජීවිතයේ වෙහෙස හිතට වගේම හදවතටත් එකලෙසම දැනෙනවා.
ජීවිතේ පාලුවට ගිහින්. කතා කරන්න හැගීම් බෙදාගන්න කිසිදු මනුස්සයෙක් නෑ. හිතට කිසිදු නිදහසකුත් නෑ. රාත්‍රියේ අන්ධකාරයට ඇතිවෙලා තියන නිශ්ශබ්දතාවය හිත වගේම හදවත් කීරි ගහන තරම්.තනිකමට පාලුවට ඇහෙන්නෙ බිහිසුණු බවේ සංකේතය. උල ලේනාගෙ කට හඩ. තමන්ගෙම හිතුවිලි  සංකේතයක් විදිහට උල ලේනා කෑගහලා කියනවා.ඒත් උලලේනා කෑ ගහලා උල ලේනාගේ භාශාවෙන් තමන්ගේ සිතුවිලි හැමෝටම ඇහෙන්න කීවත් හිතට බයක් දැනෙනවා. උල ලේනෝ ඇති දැන් පාලුවට කෑගැහුවා. මේ පාලුවට ගිය ජීවිතේ මටත් නුඹටත් විතරක්ම නෙමෙයි. හැමෝටම පොදුයි. කන් කීරි ගසන අන්ධකාර නිශ්ශබ්දතාවය ට සවන් දියන්. ඇහෙන දේ ගැන හිතන්න , හිතට ඉඩ දීලා. මේ දුක මටත් නුබටත් විතරක්ම නෙමෙයි. සිය දහස් ගනන් දෙනා විදවනවා.

" හීත හුලං හිරිකඩයි - කැලේ අපිට උරුමෙ
නුඹට පිහාටුයි, මට පැල්පතයි තියෙන්නේ "
" උල ලේනෝ..... උල ලේනෝ "

තනිව රැය පහන් කරන විට දැනෙන හුද්කලාව

Comments